Light and dark areas in your life - අඳුරු ප්‍රදේශය ආලෝකමත් කර ගන්න​.

අඳුරු ප්‍රදේශය ආලෝකමත් කර ගන්න​.

සෑම පුද්ගලයෙකු තුළම ආලෝකමත් ප්‍රදේශයක් මෙන්ම අඳුරු ප්‍රදේශයක්ද ඇත​. අඳුරු  ප්‍රදේශයේ ඇත්තේ ඍණාත්මක සිතුවිලිය​. ඍණ්ස්ත්මක සිතුවිලි සම්ඟ ජයග්‍රහණය කරා ගමන් කිරීම අපහසුය​.

එනිසා පළමුවෙන්ම මේ ඍණාත්මක සිතුවිලි , ධනාත්මක ස්වරූපයට ගෙන ආ යුතුය​. අඳුරු ප්‍රදේශයේ ඇත්තේ ඔබව පරාජය කරන සිතුවිලිය​. බලන්න ඒ මොනවද කියා...


  1. ඒ පාඩමනම් අමාරුයි. මට කිසි දෙයක් තේරුම් ගන්න බැහැ.
  2. අද හරිම මහන්සියි. අද ටිකක් නිදාගන්නවා. හෙට ඉදලා පාඩම් කරනවා.
  3. විභාගෙ මතක් වෙනකොට මට දාඩිය දානවා.
  4. මටනම් විභාගෙන් පාස් වෙන්න බැහැ.වාසනාවක් තිබුනොත් පාස් වෙයි.
  5. මට ගණිතය බැහැ. ඒක අල්ලලා දානවා.
  6. විමල් නම් දක්‍ෂයි. මං එච්චර දක්‍ෂ නැහැ.
  7. පාඩම් කරන්න ගන්නකොටම මට නිඳ යාගෙන එනවා. තව විභාගෙට කල් තියෙනවා.
  8. ගෙදරදී කරගෙන එන්න දුන්න වැඩ ටික , හෙට උදේම ගිහින් කාගෙන් හරි කොපි කරගන්නවා.
  9. විභාගේ කියන්නෙනම් මහා කරුමයක්.
  10. කොච්චර පාඩම් කලත් මට මතක හිටිනේ නැහැ.

ඔබේ සිරුරෙන් හරි අඩක්ම ඇත්තේ අඳුරු සිතුවිලි නොවේද​? දැන් ඔබ අලුත් මිනිසෙකු විය යුතුය​. අඳුරු සිතුවිලි වලින් මිදිය යුතුය​. එවිට ආලෝකමත් මිනිසෙකු විය හැකිය​.


ආලෝකමත් මිනිසෙකු වන්නට අඳුරු සිතුවිලි ඉවත් කළ යුතුය​,....



  1. ගුරුවරයාගෙන් නැවත මා පඩම අසා දැනගන්නවා. ඒ පාඩම පිළිබඳව හොඳින් අවධානය යොමු කරනවා.
  2. මහන්සි වුනත් නිදාගෙන බැහැ.මගේ අරමුණ ජයග්‍රහණය කරා යාමය​.
  3. මම හොඳින් විභාගයට මුහුණ දී ජයග්‍රහණය කරනවා.
  4. මට විභාගෙන් සමත්වෙන්න පුළුවන්. විභාගෙට මුහුණ දීම සතුටක් කරගන්නවා.
  5. මම ගණිතය විෂයට වැඩි අවධානයක් යොමු කරනවා.
  6. විමල් දක්‍ෂයි. මමත් දක්‍ෂයි.මම විභාගය ජයගන්නවා.
  7. විභාගයට කල් තියෙන නිසා මට හොඳින් පාඩම් කරන්න පුළුවන් . නිදිමත පලවා හැර ජයග්‍රහණය ලබනවා.
  8. ගෙදරදී  කරගෙන එන්නට දුන් වැඩ සියල්ල මම අවසන් කරගෙන යනවා.
  9. විභාගය කියන්නේ මගේ අනාගත ජයග්‍රණය​.
  10. පාඩම් මතක තබාගන්න මම විවිධ ක්‍රම යොදාගන්නවා.
දැන් අඳුරු ප්‍රදේශය ආලෝකමත් වී තිබේ. ඔබේ මුළු සිරුරම ධනාත්මක සිතුවිලි වලින් පිරී ඇත​. ඔබේ අරමුණ විභාගයෙන් ජය ලැබීමයි.දැන් ඒ අරමුණ කරා ළඟා වීමට ඔබට කිසිඳු බාධාවක් නැත​.