Results can get as your hard works - මහන්සියේ තරමටය ප්‍රථිපල​

 මහන්සියේ තරමටය ප්‍රථිපල​


         අන් අය ගැන හෝ වාසනාව ගැන , දෛවය ගැන හෝ විශ්වාස නොකරන්න​. තමන්ගේ හැකියාව පිළිබඳව විශ්වාස කරන්න​. ඔබේ එකම අරමුණ අධ්‍යාපනයයි. එහි කෙළවර විභාගයයි. විභාගය ජයග්‍රහණය කරනු පිණිස ඔබේ සියලු ශක්තීන් යොදවන්න​. " ඔව් මම ජයග්‍රහණය කරනවා " යන සිතුවිල්ල හිතේ දරාගන්න​.

     අප ආරම්භ කළ යුත්තේ කොතනිඳ​? එය ඉතා පහසු දෙයකි. ඔබ පාඩම් කටයුතු කරන මේසය ඉදිරියෙන් ' මම විභාගයෙන් ජය ලබනවා ' යන වැකිය කඩදාසියක ලියා බිත්තියේ අලවන්න​.එය ඔබට පෙනෙන පරිදි තිබිය යුතුය​. මේ ඔබේ අධිෂ්ඨානයයි. මේ ඔබේ බලාපොරොත්තුවයි. ඔබේ ආත්ම ශක්තිය හා බලය මේ අරමුණ කරා පියමන් කරන්නට යොදා ගන්න​. ඔබට ජයග්‍රහනය කළ හැකිය​. ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය වෝමේදී සිත පමණක් නොව මුළු සිරුරම ධනාත්මක චින්තනයට හැඩ ගස්වා ගත යුතුය​. එවිට හදවතේ උපදින සිතිවිලි මොලය මගින් ක්‍රියාත්මක කළ හැකිය​. ඊට අනුකූලව සිරුරේ සෑම අංගයක්ම ධනාත්මක චිත්ත ධාරාවලින් පුරවාලිය හැකිය​. හිස , කය , අත්  පා , ඇඟිලි , හදවත , මොලය ආදී සෑම අංගයක්ම ධනාත්මක චිත්ත ධාරාවන්ගෙන් පුරවා ගත් පසු හදවතේ උපදින සිතුවිල්ලට මොලය මගින් විදානයක් දුන්විට මුළු සිරුරම එම ධනාත්මක සිතුවිල්ලට නම්‍යශීලී වේ.


    ඒ සඳහා ආරම්භයක් ගැනීම පිණිස කුඩා සටහන් පොතක් ගන්න​. එහි පහත සටහන ලියාගන්න​.



  • මම කවුද​?
  • මම මොනවද කරන්නෙ?
  • මම මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
  • මට කාලය කොපමණ තියෙනවද​?
  • මම කවරෙක් වීමටද එය කරන්නෙ?
  • මම නිවැරදිව කරනවද​?
    ඔබ කව්ද​? ඔබේ නම මෙන්ම , ඔබේ ශක්තිය එහි ලියන්න​. ඔබ කරන කාර්‍යය කුමක්ද​? අධ්‍යාපනය හැදෑරීම් නොවේද​? කොහොමද කරන්නෙ? විභාගයට ඇති කාලය , ඔබේ අරමුණ ජයගැනීමෙන් පසු ඔබට කවරෙක් වීමට අවශ්‍යද​? නිවැරදිව ඔබට එය කළ හැකිද​? මෙහිදී ඔබට පෙනෙන අඩුපාඩු සාදා ගැනීම පිණිස ඔබ කරනා දෙය ලියන්න​. වැරදුණ හැම තැනක්ම නිවැරදිව කරගන්නා ආකාරය මෙහි දිනපතා සටහන් කරන්න​.


   " අන් අය සිතනවාටා වඩ මම දක්‍ෂයෙක් , මම උත්සහවන්තයෙකි , මගේඅධිෂ්ඨානය ජය ගන්නෙමි. මගේ ජයග්‍රහණය කිසිවෙකුට වලකාලිය නොහැකිය. මම විභාගය සමත්වෙමි "



   මෙය ඔබේ සිතට කරන අභියෝගයක්. තම අරමුණ ඉටුකර ගැනීමට සිත තව තවත් පොළඹවන ස්වයං  යෝජනාවක්. පාඩම් කරන්න පටන් ගන්නා විට ඔබට නිදිමත දැනේනම්... මෙම සිවයං යෝජනාව මත සිතට අභියෝගය නිසා , නින්ද ඔබෙන් ඈත්ව යයි.

   මම අවුරුදු 20 දී විශ්ව විද්‍යාලයට යනවා , අවුරුදු 25 දී උපාධිධාරියෙක් විධියට රැකියාවක් කරනවා. අවුරුදු 27 දී මම වාහනයක් මිලදී ගන්නවා. මේ ආකාරයට ඔබට ස්වයං යෝජනා ඉදිරිපත් කළ හැකිය​. ඔබේ සිතට බලපෑම් කළ හැකිය​.

එමෙනම ඔබ මේ දේ කෙරෙහිද අවදානය යොමු කළ යුතුය​. හොඳින් බලන්න​. හොඳින් විදින්න​. හොඳින් අසන්න​. හොඳම දේ , වැදගත්ම දේ පමණක් ගන්න​. විනය ගරුක වන්න​. අඩුවෙන් කතා කරන්න​. සෙමින් කතා කරන්න​. අරමුණ සිහි තබාගන්න​. ඊට අනුව කටයුතු කරන්න​. ඔබට මේ සියල්ල කළ හැකිනම් , ඔබ මේ සියල්ල කරනේනම් , ඔබේ ජයග්‍රහණය කිසිවෙකුටත් වලකාලිය නොහැකිය​.