මහන්සියේ තරමටය ප්‍රථිපල
අන් අය ගැන හෝ වාසනාව ගැන , දෛවය ගැන හෝ විශ්වාස නොකරන්න. තමන්ගේ හැකියාව පිළිබඳව විශ්වාස කරන්න. ඔබේ එකම අරමුණ අධ්‍යාපනයයි. එහි කෙළවර විභාගයයි. විභාගය ජයග්‍රහණය කරනු පිණිස ඔබේ සියලු ශක්තීන් යොදවන්න. " ඔව් මම ජයග්‍රහණය කරනවා " යන සිතුවිල්ල හිතේ දරාගන්න.
අප ආරම්භ කළ යුත්තේ කොතනිඳ? එය ඉතා පහසු දෙයකි. ඔබ පාඩම් කටයුතු කරන මේසය ඉදිරියෙන් ' මම විභාගයෙන් ජය ලබනවා ' යන වැකිය කඩදාසියක ලියා බිත්තියේ අලවන්න.එය ඔබට පෙනෙන පරිදි තිබිය යුතුය. මේ ඔබේ අධිෂ්ඨානයයි. මේ ඔබේ බලාපොරොත්තුවයි. ඔබේ ආත්ම ශක්තිය හා බලය මේ අරමුණ කරා පියමන් කරන්නට යොදා ගන්න. ඔබට ජයග්‍රහනය කළ හැකිය. ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය වෝමේදී සිත පමණක් නොව මුළු සිරුරම ධනාත්මක චින්තනයට හැඩ ගස්වා ගත යුතුය. එවිට හදවතේ උපදින සිතිවිලි මොලය මගින් ක්‍රියාත්මක කළ හැකිය. ඊට අනුකූලව සිරුරේ සෑම අංගයක්ම ධනාත්මක චිත්ත ධාරාවලින් පුරවාලිය හැකිය. හිස , කය , අත් පා , ඇඟිලි , හදවත , මොලය ආදී සෑම අංගයක්ම ධනාත්මක චිත්ත ධාරාවන්ගෙන් පුරවා ගත් පසු හදවතේ උපදින සිතුවිල්ලට මොලය මගින් විදානයක් දුන්විට මුළු සිරුරම එම ධනාත්මක සිතුවිල්ලට නම්‍යශීලී වේ.
ඒ සඳහා ආරම්භයක් ගැනීම පිණිස කුඩා සටහන් පොතක් ගන්න. එහි පහත සටහන ලියාගන්න.
- මම කවුද?
- මම මොනවද කරන්නෙ?
- මම මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
- මට කාලය කොපමණ තියෙනවද?
- මම කවරෙක් වීමටද එය කරන්නෙ?
- මම නිවැරදිව කරනවද?
ඔබ කව්ද? ඔබේ නම මෙන්ම , ඔබේ ශක්තිය එහි ලියන්න. ඔබ කරන කාර්‍යය කුමක්ද? අධ්‍යාපනය හැදෑරීම් නොවේද? කොහොමද කරන්නෙ? විභාගයට ඇති කාලය , ඔබේ අරමුණ ජයගැනීමෙන් පසු ඔබට කවරෙක් වීමට අවශ්‍යද? නිවැරදිව ඔබට එය කළ හැකිද? මෙහිදී ඔබට පෙනෙන අඩුපාඩු සාදා ගැනීම පිණිස ඔබ කරනා දෙය ලියන්න. වැරදුණ හැම තැනක්ම නිවැරදිව කරගන්නා ආකාරය මෙහි දිනපතා සටහන් කරන්න.
" අන් අය සිතනවාටා වඩ මම දක්‍ෂයෙක් , මම උත්සහවන්තයෙකි , මගේඅධිෂ්ඨානය ජය ගන්නෙමි. මගේ ජයග්‍රහණය කිසිවෙකුට වලකාලිය නොහැකිය. මම විභාගය සමත්වෙමි "
මෙය ඔබේ සිතට කරන අභියෝගයක්. තම අරමුණ ඉටුකර ගැනීමට සිත තව තවත් පොළඹවන ස්වයං යෝජනාවක්. පාඩම් කරන්න පටන් ගන්නා විට ඔබට නිදිමත දැනේනම්... මෙම සිවයං යෝජනාව මත සිතට අභියෝගය නිසා , නින්ද ඔබෙන් ඈත්ව යයි.
මම අවුරුදු 20 දී විශ්ව විද්‍යාලයට යනවා , අවුරුදු 25 දී උපාධිධාරියෙක් විධියට රැකියාවක් කරනවා. අවුරුදු 27 දී මම වාහනයක් මිලදී ගන්නවා. මේ ආකාරයට ඔබට ස්වයං යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඔබේ සිතට බලපෑම් කළ හැකිය.
එමෙනම ඔබ මේ දේ කෙරෙහිද අවදානය යොමු කළ යුතුය. හොඳින් බලන්න. හොඳින් විදින්න. හොඳින් අසන්න. හොඳම දේ , වැදගත්ම දේ පමණක් ගන්න. විනය ගරුක වන්න. අඩුවෙන් කතා කරන්න. සෙමින් කතා කරන්න. අරමුණ සිහි තබාගන්න. ඊට අනුව කටයුතු කරන්න. ඔබට මේ සියල්ල කළ හැකිනම් , ඔබ මේ සියල්ල කරනේනම් , ඔබේ ජයග්‍රහණය කිසිවෙකුටත් වලකාලිය නොහැකිය.