බොහෝ දෙනා තමන්ගේ සියලු කටයුතු නොයෙකුත් බලවේගයන්ට පවරා නිහඬව සිටිති. ඔබත් එවන් අයෙක්ද? වාසනාව විසින් ඔබව ජයග්‍රහණය කරා ගෙන යන්නේ යැයි ඔබ සිතනවාද? එසේත් නැතිනම් දෛවය ඔබව ජයග්‍රහණය කරවන තුරු ඔබ බලා සිටිනවාද? එසේ කළොත් ඔබට කිසිම දිනෙක ජයග්‍රහණය උදා කර ගත නොහැකිය. ක්‍රියාත්මක නොවුනු කිසිම අයෙකුට ස්වර්ගයෙන් පවා කිසිම උදව් උපකාරයක් නොලැබේ. දෛවයට , වාසනාවට සියල්ල භාරදී නිහඬව නොසිට අදම ඔබේ කාර්‍යය ආරම්භ කරන්න. ඔබ, ඔබේ අරමුණ කරා යන ගමන ආරම්භ කළ විට , ඔබ පිළිබඳව බොහෝ දෙනා ගෞරවයෙන් කතා කරයි. ඔබට අන් අයගේ ආදරය ලැබේ. ඔබේ ධෛර්‍යය ගැන අන් අය ප්‍රශාංසා කරති. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේ. ඒ ඔබේ ධෛර්‍යය හේතුවෙනි.
ඉතින් ජයග්‍රාහී ගමන අරඹන්න . ඔබට ජයක්ම වේ.
මිනිසා ක්‍රියාත්මක කරනු ලබන්නේ සිතුවිලි වලිනි. හොඳ සිතිවිලි යහපත් මාර්ගයන් කරා මිනිසා ගෙන යන අතර නරක සිතිවිලි අයහපත් මාර්ගයන් කරා මිනිසා ගෙන යයි. මෙයි වෙනස හඳුනාගෙන යහපත් සිතුවිලි වලින් සිත පුරවා ගත් මිනිසෙකුට ජයග්‍රහණය කරා ළංවීම අපහසු කාර්‍යයක් නොවේ. අපේ ඉතිහාසය , අපේ පුරාවස්තු , අපේ ශිෂ්ඨාචාරය අධ්‍යයනය කරන්නෙකුට අප මොනතරම් ධනාත්මක ආකල්ප වලින් පිරිපුන්ව සිටියේදැයි වටහා ගැනීම එතරම් අපහසු කාර්‍යයක් නොවේ. පෞරුෂය යනු බලවත් ආයුධයකි. එම ආයුධය තම අත ඇති තාක් එම පුද්ගලයාට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ හැකිය.
දැන් ඔබට ජීවිතය යළිත් අලුතින් පටන් ගැනීමට හැකියාව ඇත. ඔබට අලුත් ගමනක් යාමට කාලය ඉතිරිව ඇත. තමාගේ අඩුපාඩු දකින පුද්ගලයා තමා විය යුතුය. තමාගේ ශක්තිය හඳුනන පුද්ගලයා තමා විය යුතුය. එවිට යම් අරමුණක් කරා යන ගමන සාර්ථකව ඉදිරියට යා හැකිය.




Posted in: