කිසිවක් කළ නො හැකිය යන්න මෝඩයන්ගේ ශබ්ද කෝෂයේ වචනයකි.
ඔබට යමක් කරන්නට නොහැකියැයි ඔබ සිතන්නෙ නම් ඔබට ඒ දේ කළ නොහැකිය. ඒ නිසා විද්‍යාව , ඉංග්‍රීසි , ගණිතය පමණක් නොවේ, ඕනෑම විෂයක් ඔබට ඉගෙනීමට හැකියැයි සිතන්න. දකුණු පළාතේ මුහුදු සීමාවන්හි සිටින දරුවන් විදේශිකයන් සමඟ විවිධ භාෂාවන් කතා කරති. ප්‍රංශ , ජර්මන් , ග්‍රීක් , ඉංග්‍රීසි , ජපන් , ඉතාලි භාෂාවන් ඔවුන් කතා කරන්නේ ඉතා චතුර ලෙසිනි. ඒ ඉගෙනගෙන නොවේ. විදේශිකයන් කතා කරන වචනයෙන් වචනය ශබ්ද කරන ආකාරය හඳුනා ගැනීමෙනි. එම නිසා ඔබට ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට හැකියාව තිබේ. කළ නොහැකියැයි කිසිවක් නැත. ඇත්තේ අධිෂ්ඨාන ශක්‍තිය ඇතිකර ගැනීම පමණකි. හෝල්ටන් නම් දාර්ශනිකයා මෙලෙස කියා ඇත. ' කාර්‍යයක් සඵල වන්නේ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන විටදීය' මම විභාගයෙන් සමත් වෙමි. ඔබගේ එකම අධිෂ්ඨානය විය යුත්තේ එයයි. අධිෂ්ඨානය ඇති කර ගත් පසුව, එම ඉලක්කය කරා ළඟාවීම පිණිස කටයුතු කරන්න.




Posted in: