Can't get anything without hard except poor - දුප්පත්කම හැරෙන්නට , වෙනත් කිසිවක් දුකක් නොවිඳ ලබාගත නො හැකිය​

දුප්පත්කම හැරෙන්නට , වෙනත් කිසිවක් දුකක් නොවිඳ ලබාගත නො හැකිය​


ජීවිතයෙහි අපට අවැසි දේ ලබාගැනීම පහසු ක්‍රියාවක් නොවේ. ඒ සඳහා වෙහෙස මහන්සි විය යුතුය​. බොහෝ දෙනා දියුණුවීමට කළ යුතු දෑ දනී. එහෙත් ඒ සඳහා කිසිවක් නොකරති. කිසිවක් නො කරන්නාට ජීවිතය විඳීමට අවකාශ නො ලැබේ. වෙහෙස මහන්සියෙන් තොරව ලබාගත හැක්කේ එකම දෙයකි. ඒ දුප්පත්කම පමණි. දුප්පත්කම , පසුතැවිල්ල​, පරාජය වෙනුවට ජයග්‍රහණය කරා පියමන් කරන්නට සිත තුළ අධිෂ්ඨානයක් ඇති කරගන්න​. කෙනෙකුගේ ධෛර්‍යයේ ප්‍රමාණය අනුව , ජීවිතය විකසිත වීම තීරණය කෙරේ. ප්‍රමාණවත් සූදානමක් ඇතොත් කවර තරඟයකට වූවත් නොබියව මුහුණ දීමට හැකිය​.

'මට ගණිතය , විද්‍යාව , ඉංග්‍රීසි අමාරුයි. අනෙක් විෂයයන් ලෙහෙසියි' සිසුවෙක් කියයි. ඉතිහාසය , භූගෝලය ට වඩා විද්‍යාව අමාරුවන්නේ කෙසේද​? ඒ ඔබ විද්‍යාව​,ගණිතය , ඉංග්‍රීසි අත්හැරිය නිසාය​. එම විෂයන් අමාරු යැයි ඔබට සිතෙන තාක් කල් , ඔබේ ජයග්‍රහණය ඇත්තේ දුරිනි. ඒවායේ මූලික දැනුම ඔබට නැතිතාක් කල් ඒ විෂයයන්ගෙන් හොඳ ප්‍රථිපලයක් ඔබට ලබාගත නොහැකිය​. එනිසා ඕනෑම විෂයයක් ආරම්භයේ සිටම ග්‍රහණය කර ගන්න. නොදත් දේ අතහැර නොදමන්න​. නොදත් දේ සොයන්න​. අසා දැනගන්න​. ග්‍රහණය කරගන්න​. ඒ සඳහා වැඩි වැඩියෙන් සිත යොමු කරන්න​. කොතනින් හෝ අරඹන්න​. ඔබ කරන දෙයින් මිස කරන්නට සිතා සිටින දෙයන් පිළිගැනීමක් ඇති නොවේ.