Sturdy is not tasty - Then life wont be tasty " ඉගෙනීම අප්‍රිය වීම - ජීවත්වීම අප්‍රිය කිරීමකි "

ඉගෙනීම අප්‍රිය වීම - ජීවත්වීම අප්‍රිය කිරීමකි



සාර්ථක ලෙස අධ්‍යාපනය හැදෑරීමට නොහැකි වුවහොත් ඔවුන්ට මුළු ජීවිතයම අප්‍රසන්න එකක් වනු ඇත​. තමන්ගේ අඩු සුදුසුකම් රැකියාවක් සඳහා ප්‍රමාණවත් නොවුණු විට ඔවුන් ගේ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවේ.

එනිසා උසස් ප්‍රථිඵල අපේක්‍ෂාවෙන් අධ්‍යාපනයේ නියැලෙන්න​. මේ සඳහා ඔබට, ඔබ කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත යුතුය​. ඔබට බොහෝ දේ කළ හැකිය​. අධිෂ්ඨානය ඇත්නම් මිනිසාට කළ නොහැකි කිසිවක් නැත. ඔබට යමක් කළ හැකි බවට විශ්වාසයක් ඇත්නම් , ඔබට ඒ දේ කළ හැකිය​. මිනිසා මොනතරම් විශ්මිත දේ නිර්මාණය කර තිබේද​? . අහසේ පියාසර කරන ගුවන් යානය , මුහුදු පත්ලේ ගමන් කරන සබ්මැරීනත , දුම්‍රිය , පරිගණකය , රොකට්ටුව , චන්ද්‍රිකා , දුරකථනය , මෝටර් රථය රූපවාහිනය ආදී මොන තරම් විශ්මිත දෑ මිනිසාගේ මනසේ නිර්මාණය වී ඇත්ද​? සිතක පැලපදියම් වූ අදහසක් නිර්මාණයක් ලෙස එළි දක්වන්නට ඔවුන්ට මොන තරම් ආත්ම ශක්තියක් තිබෙන්නට ඇත්ද​? වර්ථමානයේද මිනිසා විසින් තවත් විශ්මිත දෑ සොයමින් සිටී. විශ්මිත දෑ කරමින් සිටී. ඒ ඔවුන් ගේ නොපසුබට උත්සාහය නිසාය​. ඔවුන් ගේ අධිෂ්ඨානය ශක්තිය නිසාය​.

එවන් දෑ කරන මිනිස් පවුලේ සාමජිකයෙකු වූ ඔබට විභාගයෙන් සමත්වීම මොනතරම් පහසු දෙයක්ද​? ගැමි වහරේ වදනකින් කිවහොත් මොන කජ්ජක්ද​?